මෙලොව උපදින මිනිසුන් අතර,
* ස්වල්ප ආයු ඈති අය මෙන්ම දීර්ගායු ඈති අය සිටී
*ආබාද ඈති අය මෙන්ම නෑති අයද සිටී.
*ලස්සන අය මෙන්ම අවලස්සන අයද සිටී.
*ගොඩාක් පිරිස් එති අය මෙන්ම අල්ප පිරිස් ඈති අයද සිටී.
*ගොඩාක් පෝසත් අය මෙන්ම දුප්පත් අයද සිටී.
*උසස් කුල ඈතිඅය මෙන්ම හීන කුල අයද සිටී.
*නුවන ඈති අය මෙන්ම නුවන මද අයද සිටී.
මෙම විවිදත්වයට හේතුව කුමක්ද!
*යමෙක් දරුනු සිත් ඈතිව කරුනා මෙත් සිත් නෑතිව, ප්‍රාණගාත කරන්නේනම් ඔහු මරනින් මතු නිරයේ උපදී.මිනිසත් බව ලෑබුවෝතින් අල්ප ආයු ඇත්තෙක්වෙයි
යමෙක් දරුනු සිත් නෑතිව මෙත් සිතින් යුතුව ප්‍රානගාත නොකරයිනම් ඔහු මරනින්මතු දෙව්ලොව උපදී.
මිනිසත් බව ලෑබුවොත්දීර්ගායු ඈත්තෙක් වේයි.
*යමෙක් අතින්-පයින්-දඩු-මුගුරු-අවිආයුද ආදියෙන් සතුන්ට හින්සා කරයිනම් ඔහු මරනින්මතු නිරයේ උපදී.
මිනිසත්බවක් ලෑබුවෝතින් ලෙඩ රෝග ඇත්තෙක්ව උපදී.
යමෙක් කවර ආකාරයකින් හෝ සතුනට හින්සානොකයිනම් ඔහුමරනින්මතු සුගතියෙහි උපදී.
මිනිසත් බව ලෙබුවෝතින් ලෙඩ රෝග අල්ප අයෙක්ව උපදී.
*යමෙක් තරහා ගනීනම්, සුලුදෙයට පවා කිපෙන්නේනම්,කෝපය පිරී ඇත්තෙනම්, ඔහු මරනින්මතු නිරයේ උපදී.
මිනිසත්බව ලෑබුවෝතින් අවලස්සනව උපදී.
යමෙක් තරහඉවසා වහා කිපෙනසුලු නොවී, මෙත් කරුනා සිත් ඇතිව සිටීනම් මරනින්මතු සුගතියෙහි උපදී. මිනිසත්බව ලෑබුවොත් බොහෝ සුරුපී ලක්ශන එතිව උපදී.
*යමෙක් ඊරිසියා සහගතව අන් අයගේ සෑපතතින් සතුටු නොවීනම් ඔහු මරනින් මතුනිරයේ උපදි.
මිනිසත් බව ලෑබුවොත් දුප්පත්ව උපදී.
යමෙක් ඉරිසියා සිත්නෑතිව අන් අයගේ සෑපතේදී සතුටු වීනම් මරනින්මතු සුගතියේ උපදී.
මිනිසත්බව ලෑබුවොත් බොහෝ සෑපසම්පත් ඈතිව උපදී.
*යමෙක් හිතාමතාම පෑවිද්දන්හට ආහාරපාන,වස්ත්‍ර,සයන,නොදෙන්නේනම් ඔහු මරනින්මතු නිරයේ උපදී.
මිනිසත්බව ලෑබුවොත් දුගී බවින් යුක්ත වෙ.
යමෙක් පෑවිදි උතුමන්හට සතුටු සිතින් දන් දේනම් ඔහු මරනින්මතු සුගතියේ උපදී.මිනිසත්බව ලෑබුවෝතින් බොහෝ සම්පත් ඇතිව උපදී.
*යමෙක් අදික මානයෑතිව,පිදියයුත්තන්නොපුදාද,ගරුකලයුත්තන්ට ගරුනොකර,උතුමන් දෑක ආසනයෙන් නොනෑගිටීද,ඔහු මරනින්මතුනිරයේ උපදී.
යමෙක් අදික මානය නෑතිව,පිදියයුත්ත්තන්පුදයිද,ගරුකලයුත්තන්ට ගරුකරයිද,උතුමන්දෑක ආසනයෙන් නෑගිටීද,ඔහුමරනින්මතු සුගතියේ උපදී
මින්සත් බවලෑබුවොත් උසස් කුලවල උපදී.
*යමෙක් පෑවිද්දන්වෙත පෑමින,කුසලකුසල් මොනවාද,වරද නිවරද මොනවාද,සේවනය කලයුත්තේ නොකලයුත්තේ කවුද,බොහෝ වෑඩ අවෑඩ පිනිස පවතින්නේ කුමක්ද අසා දෑන නොගනීනම් ඔහු මරනින්මතු නිරයේ උපදී.
මිනිසත්බව ලෑබුවෝතින් මෝඩයෙක්ව උපදී
යමෙක් මෙම කරුනු අසාඩෙන ගනීනම් මරනින්මතු සුගතියෙහි උපදී
මිනිසත්බව ලෑබුවොත් මහත් නුවන ඈතිව උපදී.
මෙම කරුනු අසමසම බුදුරජානන්වහන්සේ විසින් සුභ නම් මානවකයා අසනලද ප්‍රශ්න වලට පිලිතුරු ලෙස දේශනා කරනලද බව "මජ්ජිම නිකායේ විභග්ග වර්ගයේ චූලකම්ම විභග්ග සූත්‍රයේ" සදහන්ව ඇත.
"උපුටා ගෑනීම ශ්‍රී නියදගල අරණ සේනාසනයේ හිමිවරුන් විසින් කරන ලද වෙසක් සුභ පෙතුමකිනි"

No comments:
Post a Comment